
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකයෙකු, මාධ්‍යවේදියෙකු සහ බුද්ධි බතික් හි නිර්මාතෘ බුද්ධි කීර්තිසේන මහතා 83 වියේදී අභාවප්‍රාප්ත වූයේය.
මෙරට බතික් කලාව ජාත්‍යන්තරය වෙත ගෙනයාමට පුරෝගාමී මෙහෙවරක් කළ බුද්ධි කීර්තිසේන මහතා යසෝමා, ඇය ඔබට භාරයි, සුජාතා (නව නිෂ්පාදනය) චිත්‍රපට නිෂ්පාදනය කර සිනමා ක්ෂේත්‍රයට ද සම්බන්ධවූ අයෙකි.
ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වූ බුද්ධි කිර්තිසේන මහතා සිනෙසිටි සිනමා අධිපතිවරයා වූයේය.
චිත්‍රපට අධ්‍යක්ෂ විශ්වනාත් බුඩී කිර්තිසේන හා දර්ශි කීර්තිසේන ඒ මහතාගේ දරුවන් දෙදෙනායි.
අභාවප්‍රාප්ත බුද්ධි කීර්තිසේන මහතාගේ දේහය හෙට පෙරවරුවේ සිට අනිද්දා උදෑසන 09 දක්වා කොළඹ 08 /ලේක් ඩ්‍රයිව් හි 158/3 දරණ නිවසේ තැන්පත් කර තැබීමට නියමිතයි
අනතුරුව අනිද්දා දහවල් 12.00 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ බුද්ධි බතික් හි නිවසේ තැන්පත් කෙරෙනු ඇති.
අවසන් කටයුතු එදින සවස 4.00ට කොස්වාඩිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval