
මේ වසරේ ගෙවීගිය මස 09ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 64,412ක් වාර්තා වී තිබේ. පසුගිය වසරක කාලය තුළදී ඩෙංගු රෝගීන් 63,383ක ප්‍රමාණයක් වාර්තා විය.
පසුගිය මාසය තුළදී ඩෙංගු රෝගීන් 2,534ක් වාර්තා වී තිබෙන අතර මේ වසර සැලකීමේදී මාසයක කාලයක් තුළ අඩුවෙන්ම රෝගීන් වාර්තා වූ මාසය ලෙස පසුගිය මාසය වාර්තා වේ.
පසුගිය අගෝස්තු මාසයේදී රෝගීන් 5,189ක්, ජූලි මාසයේදී රෝගීන් 7,369ක්, ජුනි මාසයේදී රෝගීන් 9,916ක් හා මැයි මාසයේදී රෝගීන් 9,290ක් වාර්තා වී තිබේ.
මේ වසරේ ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 8,963ක් වාර්තා වී තිබෙන අතර, පෙබරවාරි මාසයේදී රෝගීන් 6,763ක්, මාර්තු මාසයේදී රෝගීන් 6,419ක් සහ අප්‍රේල් මාසයේදී රෝගීන් 7,617ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ වසරේ ජනවාරි 01වැනිදා සිට මේ දක්වා වාර්තා වන රෝගීන් 64,412ක ප්‍රමාණයෙන් රෝගීන් 31,103ක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාත තුළින් වන අතර එම පළාත තුළින් වාර්තා වන රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට එය 48.3%කි.
සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්වෙන් රෝගීන් 13,358ක් වාර්තා වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,362ක් වාර්තා වී තිබෙන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,203ක් වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 5,606ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,033ක් වාර්තා වී තිබෙන අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,314ක් වාර්තා වී තිබෙන අතර පොදුවේ සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී තිබේ.
-ඉන්දික හේවාවිතාරණ
Comments
Post a Comment
Your comment will be visible after approval