
බොරලැස්ගමුව, ඛෙල්ලන්විල ශරීර සුවතා උද්‍යානයන් දෙපස ගොඩබිම්වල නිතර කිඹුල්ලු සැරිසරන අයුරු ඉකුත්දා (23) දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීහු කියති.
මෙහි ප්‍රධාන සුවතා තීරුවේ අයිනට වන්නට ගොඩබිමට අඩි 12 පමණ දිග විශාල කිඹුලකු පැමිණ සිටිනු දක්නට ලැබූ අතර, වැඩ අවසන් නොකළ විහාර මාවත පිටුපස දෙවන කොටසේ සුවතා තීරුවේ වැව් බැම්ම කැලෑ පෙදෙසට අඩි 8 ක පමණ දිග විශාල කිඹුලකු ද පැමිණ සිටි බව ද ඔවුහු පැවසූහ.
මෙම ප්‍රදේශයේම පසුගිය කාලයේ සැරිසැරූ බල්ලන් කීප දෙනෙකුම අතුරුදන්වී සිටි බැවින් මෙලෙස ඇළ මාර්ගයෙන් ගොඩට එන කිඹුලන් විසින් බල්ලන් ඩැහැගෙන යන්නට ඇතැයි ද සැකකරන බවත් ජනතාව කීහ. මෙම වැඩ අවසන් නොකළ කොටසින් නිතර ළමයි ද ගමන් කරති. දැනට මංතීරුව දෙපස දැල් ආවරණයක් ද නැත. එලෙස ඇවිදින මංතීරුව විවෘතව තිබීම නිසා අනාරක්ෂිත බවට ද පත්ව ඇතැයි ද ප්‍රදේශවාසීහු පැවසූහ.
ඒ නිසා මෙම කොටසේ ගමන් බිමන් යාම හා ළමයි සමග ශරීර සුවතාවලට යාම ඉතාමත් අනාරක්ෂිත වී ඇතැයි ද ජනතාව වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මෙම අනාරක්ෂිත කලාපය මංතීරුව දෙපස ශුද්ධ පවිත්‍රකර ඇළ ඉවුරට ප්‍රධාන මංතීරුවේ මෙන් වැව් බැම්මට ආරක්ෂක දැල් වැටක් වටේටම යොදා දෙන ලෙසටත් නොඑසේනම් මේ ආකාරයට හදිසියේ වැව් ඉවුරේ සැඟවී සිට එකවර කඩාපැන සුවතීරුවේ ගමන් කරන ළමයින් ඇතුළු පිරිස් අනතුරකට ද පත්විය හැකි බවත් කඩිනමින් බලධාරීන්ගේ අවධානය යොමුකර සාදා දෙන ලෙසටත් ජනතාව ඉල්ලා සිටී.
-දෙහිවල එච්.එම්. ධර්මපාල
Comments
Post a Comment
Your comment will be visible after approval