
සුරාබදු දෙපාර්තමේන්තුව වසර දෙකක් තුළ සුරාබදු බලපත්‍ර දෙසීය තුනක් ලබාදී ඇති බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් මහතා සදහන් කළේය.මීට අමතරව එම කාලය තුළ බියර් සඳහා බලපත්‍ර පන්සිය පනස් හතරක් ලබා දී ඇති බව ද ඔහු කීවේය.ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා පාර්ලිමේන්තු මෙන්ම ජනාධිපතිවරණයේදී මහජන නියෝජිතයන් තෝරා ගැනීම පිළිබඳ පුරවැසියන් ක්‍රියා කළ යුත්තේ කුමන අයුරින්ද යන්න සම්බන්ධයෙන් පොළොන්නරුවේ රාමදා හෝටලයේ දී පැවති ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඒ අනුව 2021 ජූලි 01 වැනිදා සිට මේ වසරේ අගෝස්තු 01 වැනිදා දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව සුරාබදු බලපත්‍ර දෙසිය තුනක් ද බියර් සඳහා බලපත්‍ර පන්සිය පනස් හතරක් ද තිබෙ බව හෙතෙම කීවේය.සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර ලබාදීමේ දී වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් ලබාදී ඇත්තේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ අනුව 2023 වසරේ මාස අටක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයට සුරාබදු බලපත්‍ර තිස් එකක් සහ ගම්පහ දිස්ත්‍රික්කයට බලපත්‍ර 35ක් ද ලබාදී ඇති බවද සුජීව මහතා සඳහන් කළේය.
නිමල් ජයරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval