
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 වසරේ ජනවාරි මස 04 වැනිදා සිට එම මස 31 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම විභාගය සඳහා අයැදුම් කිරීමට
අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයැදුම්පත් යොමු කිරීමට නොහැකිවූ අයැදුම්කරුවන් සඳහා පමණක් 2023.10.06 වැනිදා සිට 2023.10.10 වැනිදා පස්වරු 11.59 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමිව තිබෙයි.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයැදුම්පත්‍ර යොමුකල හැකිය.
විභාග කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කෙරෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval