
ඊයේ (23) රාත්‍රි කාලයේ පූගොඩ පොලිස් වසමේ මණ්ඩාවල ප්‍රදේශයේ පවුල් ආරවුලක් හේතුවෙන් සැමියෙකු බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයක් සිදුකර ඇති අතර පසුව ඔහු ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.
පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනය කරන්නට ගිය පොලිසිය සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීමේදී සැමියා විසින් බිරිඳගේ ගෙල කපා නිවස තුල ඝාතනය කර ඇති බවට නිරීක්ෂණය වී ඇත.
පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකිරීමේදී සැකකරුද නිවස ආසන්න ප්‍රදේශයේ ගසක ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදී හමුවී ඇත.
මියගිය බිරිය වයස අවුරුදු 46 ක් වන අතර, සැමියාට වයස අවුරුදු 54 ක් බව හඳුනාගෙන ඇත. ඔවුන් මණ්ඩාවල, පූගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අතර දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුල් පැවති බවට අසල්වාසීන් කරුණු දක්වා ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානවල ඇත.
පූගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval