
මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් රුපියල් කෝටි 30 ක් පමණ වටිනා වාලම්පුරියක් මාලබේ අරංගල ප්‍රදේශයේ දී විකිණීමට උත්සාහ දැරූ ප්‍රසිද්ධ මූර්ති කැටයම් ශිල්පියෙක් එම වාලම්පුරිය ද සමග වාලම්පුරිය ද සමග පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබීය.මෙම වාලම්පුරිය එම විහාරස්ථානයේ හිමිනමක මෙම මූර්ති කැටයම් ශිල්පියා අතර මැදියකු ලෙස යොදාගෙන
මෙසේ අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි වැටලීම මෙහෙයවූ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරියෙක් පැවැසීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.ස්ථානාධිපතිවරයා උපාය දූතයකු යොදවා කළ සූක්ෂම බුද්ධි මෙහෙයුමකින් පසු සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.මෙම මෙහෙයුමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ බුද්ධි අංශ නිලධාරීහු සහ මීරිගම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීහු පිරිසක්ද සහාය වූහ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා එම වාලම්පුරියද සමග මාලබේ පොලිස් ස්ථානයට ඊයේ බාර දී ඇත. මෙම වාලම්පුරිය ශ්‍රී ලංකාවට ආවේණික වඳවී යන සත්ව විශේෂයකට අයත් වූවකැයි ද සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval