ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය තවමත් නම්කර නොමැති අතර සංචිතය නම් කිරීමට පෙර ප්‍රභල වෙනස් කම් කිහිපයක් වීමට හැකි බව අභ්‍යන්තර ක්‍රීඩා ආරංචිමාර්ග සඳහන් කරනු ලබයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ,රොමේෂ් කළුවිතාරණ හා මහේල ජයවර්ධනගෙන් සැදුම්ලත් මණ්ඩලය අද ප්‍රධාන වශයෙන් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය පිළිබඳව සාකච්ඡාකරමින් පවතින බවයි අද උදෑසන වන විට එම ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ.



කෙසේ නමුත් දැන් වාර්ථා වන අන්දමට ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නව නායකයෙක් පත් වීමට ඉහළ ඉඩකඩක් පවතින බවත් දසුන්ගේ නායකත්වය පිළිබඳව එතරම් සෑහීමකින් පසුනොවන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.

යම්හෙයකින් දසුන් ශානක නායකත්වයෙන් පහ කලහොත් එම නායකත්වය පැවරීමට ඉඩකඩක් ඇත්තේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් ටය.

මේ අතර ශ්‍රී ලංකා ශූර දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පසුගියදා පැවති පුහුණු සැසියක් අතරතුරදී තවත් ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම අවාසනාවන්ත වර්ධනය ලබන මාසයේ ආරම්භ වීමට නියමිත ICC ක්‍රිකට් ලෝක කුසලානයට පෙර සිදු වේ.
මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී හසරංගට සිදු වූ ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලානය අහිමි වූ බව සඳහන් කිරීම වටී.
ඔහුට ලෝක කුසලානයට සහභාගී වීමට නොහැකි වුවහොත් එය ශ්‍රී ලංකාව නියෝජනය කරන තරගාවලියට සැලකිය යුතු පහරක් එල්ල කරයි.