
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval