
ජනප්‍රිය රංගන ශිල්පී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට මෙසේ වෙඩි කිහිපයක් තබා පලා ගොස් ඇතැයි වාර්තා විය.
උද්දික ප්‍රේමරත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ඔහු විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළ මුත් මීට දින කිහිපයකට පෙර ස්වාධීන වූයේය.
වෙඩි තැබීම සම්බන්දයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval