
අභ්‍යන්තරික ගැටලු හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලු දේශීය තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව ඊමේල් පණිවුඩයකින් දන්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළාත්, දිස්ත්‍රික් සහ අනෙකුත් ප්‍රධාන පෙළේ තරගාවලි සියල්ල අත්හිටුවන බව එහි දැක්වේ.
'ඒ' කාණ්ඩයේ තරග (Tier A), 'බී' කාණ්ඩයේ තරග (Tier B), ප්‍රිමියර් ලීඩ් තරග, ප්‍රධාන පෙළේ තරග (Major League), එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගාවලිය යන සියලු තරගාවලි වහාම නවතා දැමීමට කටයුතු කරන බව දන්වා ඇත.
ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමග සාකච්ඡා කර අදාළ ගැටලු විසඳන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ ඊමේල් පණිවුඩයේ දැක්වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval