
පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ වාර්ෂික පෙරහර වෙනුවෙන් රැගෙන විත් එම විහාරස්ථානයේ බැද දමා සිටි අලියෙකු පහර දී හිස පෑගීම නිසා 12 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇති බව වාර්තාවේ. අවුරුදු 12ක් වූ ඇඹිලිපිටිය ගල් අමුණ ප්‍රදේශයේ සිසුවෙක් මෙලෙස මියගියේය.
මෙම දරුවා අද දහවල් කිසිවකුට නොදන්වා අලියා බැද සිටි ස්ථානයට ගොස් සිටියදි සිසුවාට මෙම සිද්ධි සිදුව ඇති බව පොලිසිය කියයි.
අලියා පෑගීම නිසා බරපතල තුවාල ලැබු සිසුවා විහාරස්ථානයේ පිරිස් විසින් රෝහල වෙත ඇතුළත් කළ අවස්ථාවේදීත් මියගොස් සිටි බව පොලිසිය කියයි.ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවනන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.අලියාගේ පහරදීමෙන් මියගියේ වයස අවුරුදු 12ක් වූ ඇඹිලිපිටිය ගල් අමුණ ප්‍රදේශයේ සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ ඇත්ගොව්වා එම ස්ථානයේ නොසිටි බවයි. එම නොසැලකිල්ල නිසා සිසුවාට අලියා ළඟට යන්න අවස්ථාව ලැබී ඇති බවත් කුඩා දරුවන් මෙවැනි දේට ආසා නිසා නොතේරුම් කමට දරුවාට අන්තරායක් සිදුව ඇති බවත් කීය.
මේ නිසා අලියා එවැනි තැනක රඳවා තිබියදී නිසි ආරක්ෂාව නොසැලසූ ඇත්ගොව්වා ගැන සොයා බවන බවද හෙතෙම පැවසීය.
එම සිද්ධියට අදාළව අදාළ අලියා භාරව සිටි ඇත්ගොව්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පනාමුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval