
රජයේ රෝහල්වල සේවය කරන 30,000ක් පමණ හෙද කාර්යමණ්ඩලයෙන් 30%ක් පමණ රට හැරයාමට සූදානම්ව සිටින බැවින් ඉදිරියේදී රජයේ රෝහල්වල හෙද සේවාවේ සේවා කඩාවැටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා පැවසීය.
දැනට සිටින 40,197ක් පමණ වන හෙද කාර්යමණ්ඩලයෙන් හෙද හෙදියන් විශ්‍රාම යාම, විදේශගත වීම සහ සේවයෙන් ඉවත්ව යාම නිසා දැනට 38,000ක පමණ හෙද හෙදියන්ගෙන් නිසි හෙද සේවයක් ඉටු නොවන බවද ඒ මහතා සඳහන් කළේය.
හෙද සේවා කාර්යමණ්ඩලය 88,000ක් පමණ අවශ්‍ය නමුත් 2,315ක් පමණ පුහුණු හෙද හෙදියන්, උපාධිධාරීන් සහ විද්‍යා විෂයයන් සමත් උසස් පෙළ සමත් සිසුන් සිටියදී හෙද සේවය සඳහා බඳවාගැනීමේ වැඩපිළිවෙළක් රජයේ නොමැති බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval