mulleria-incident

අළුයම 2.00 ට පමණ අංගොඩ දෙල්ගහවත්ත පාරේ කෑකෝ ගසමින් විනෝද වෙමින් ගමන් කළ දරුවන් පිරිසක් එම අවස්ථාවේ මුල්ලේරියාව පොලිසියේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි නිලධාරින් පිරිසකට දැක ගත හැකි විය.අවුරුදු 14 -15 වැනි වයස්වල පසුවූ දරුවන් පස් දෙනෙකු මෙලෙස නිදැල්ලේ ගමන් කර තිබේ.එය අනාරක්ෂිත බැවින් පොලිස් නිලධාරින් විසින් ඔවුන් පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

මොවුන් සාදයකට සහභාගි වීමට බව පවසා සවස 5.00 ට පමණ නිවෙස්වලින් පිටව ගොස් ඇති අතර ඔවුන් ප්‍රදේශයේ උසස් පාසලක ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බව වැඩිදුර ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත.මෙම කාලය ඇතුළත දුරඅකථන ඇමතුමකින් හෝ දරුවන් සහ දෙමාපියන් අතර කිසිදු සංනිවේදනයක් සිදුව නොමැති බවද පොලිසිය සඳහන් කරයි.



ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත විසින් දරුවන්ගේ දෙමාපියන් සහ අදාළ පාසලේ පන්ති භාර ගුරුවරුන් ද කැඳවා මේ සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පවත්වන්නට කටයුතු කර තිබිණ.

තවමත් මල් කැකුළු වගේ ළාබාල වියේ පසුවෙන මෙම දරුවන්ට මෙලෙස නිදැල්ලේ යාමට ඉඩ හැරීම දෙමාපියන් ලෙස ඔබ සැම සිදු කළ විශාල වරදක්.

මේ කාලය තුළ ඔබලා දරුවන් පිළිබඳ සොයා බලලත් නැහැ.අද දහවල් කාලයටවත් කුඩා දරුවෙකුට පාරෙ බැහැලා යන්න අමාරු තත්වයක් තියෙද්දී මේ විදියට මහ රෑ ඔවුන් මේ විදිහට නිදැල්ලේ යවන එක ඉතා භයානකයි. එසේ වුවහොත් නොයෙකුත් අපචාරයන්ට දරුවන් ගොදුරු විය හැකියි.



ඒනිසා දරුවන් හොඳින් රැක බලා ගන්න. ඒ අයට ආදරය කරුණාව ලබා දෙන්න. දිනපතා රාත්‍රියේ නිවසේ සියල්ලෝම එකට එකතු වෙලා කැම කන්න ආදරය බෙදා ගන්න.

ස්ථානාධිපතිවරයා විසින් පැයක පමණ කාලයක් දරුවන්ට, දෙමාපියන්ට,ගුරුවරුනට පවත්වන ලද අවවාද අනුශාසනා උපදෙස් පිරි සාර ගර්භ දේශනය අවසානයේ කවුරුත් පොලිසියෙන් පිටව ගියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින්ට අනේක වාරයක් ස්තුති කරමිනි.

ඇත්තටම අපි අතින් දරුවන්ගේ වගකිම් පැහැර හැරි ඇති බව පිළි ගන්නවා. ඔබ තුමාගේ දේශනයෙන් පස්සේ අපිට දරුවො ගැන විශාල වටිනාකමක් ලැබුණා. නොදැන සිටි බොහෝ දේ ඉගෙන ගත්තා. එක් මවක් පවසා සිටියේ හැඬූ කදුළෙනි.

මෙලෙස පැමිණ සිටි අය උසස් රැකියාවල නිරත දෙමාපියන් වීමද විශේෂත්වයකි.

සිරිසේන ගමගේ-කොළොන්නාව