
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ දී අද(24 ) උදෑසන පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙයි.
යාපනයේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරුට ලක්ව තිබෙයි.
අනතුරින් තුවාල ලබා ඇති ත්‍රී රෝද රථයේ ගමන් ගත් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිරිසක් බව දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදීවලදී අනාවරණය වී තිබෙන බව ගලේවෙල පොලිසිය සඳහන් කරයි.
මියගිය දෙදෙනෙකුගේ මළසිරුරු ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙන අතර තුවාල ලැබූ කාන්තාවක් තවත් පිරිමි අයෙකු සහ වයස අවුරුදු 6 ක කුඩා පිරිමි දරුවෙකු ගලේවෙල රෝහලේන් දඹුල්ල රෝහලට මාරු කර ඒවා ඇති අතර ඉන් පිරිමි අයෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතල නිසාවෙන් මහනුවර ජාතික රෝහලට මාරු කර යැවු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval