
හංගේරියානු රජයේ මුල්‍යාධාර යටතේ ඉදිකරමින් පැවැති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් අත්හිටුවීමට සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා පැවැසීය.හංගේරියානු රජය හිටිහැටියේ මුල්‍යාධාර අත්හිටුවීම හේතුවෙන් එම පාලම් දෙකේ ඉදිකිරීම් අත්හිටුවීමට සිදුවූ බව කී වීරකෝන් මහතා කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් ආණ්ඩුවේ මුදල්වලින් මුදල්වලින් අවසන් කිරීමට කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අත්හිටුවන විට සමස්ත පාලමෙන් සියයට 95 ක පමණ ඉදිකිරීම් අවසන් කර තිබූ බවත් එම පාලමේ ඉදිකිරීම් පසුගිය ජූලි මස අවසන් කිරීමට නියමිතව තිබූ බවත් වීරකෝන් මහතා කීය.
මේ අතර ශ්‍රී ලංකා රජය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ යැයි නිවේදනය කිරීමත් සමග විදේශ රාජ්‍යවල ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට අනුව මුදල් නතර වූ බවත් ඒ හේතුවෙන් ව්‍යාපෘති රැසක් නතර වී ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.කොහුවල ගුවන් පාලම ව්‍යාපෘතියට රුපියල් කෝටි 265 ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇත. කොළඹ නගරය ආශ්‍රීතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් පසුගිය වසරේ ජනවාරි මස ආරම්භ කළේය.
කොහුවල මංසන්ධියේ සිට කොළඹ හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරන අතර, මෙම පාලම දිගින් මීටර් 297 ක්ද, පළල මීටර් 9.4 ක්ද වේ. ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහළින් නුගේගොඩ - කළුබෝවිල මාර්ගය වෙත ගමන් කළ හැකිය.
යොහාන් භාසුර
Comments
Post a Comment
Your comment will be visible after approval