
හාලිඇල ඌව කැටවල වත්තේ වතුඅධිකාරිවරයාගේ බංගලාවේ සේවය කළ මුරකරුගේ සිරුර බංගලාවේ මුළුතැන්ගේ දොර අසල වැටී තිබියදී ඊයේ (20දා) උදෑසන සොයා ගත් බව හාලිඇල පොලීසිය සඳහන් කරයි.
හාලිඇල ඌව කැටවල 20 කොලනිය පදිංචිව සිටි ඌව කැටවල වත්තේ වතු අධිකාරිවරයාගේ බංගලාවේ මුරකරු ලෙස සේවය කළ රාසු සිවලිංගම් (52) නමැති තිදරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොහු ඊයේ (19) පස්වරුවේ බංගලාවේ සේවයට ගොස් ඇති බවත් ඊයේ (20දා) උදෑසන වතු අධිකාරීවරයා මුළුතැන්ගෙට යාමේදී එහි දොර අසල බිම තිබූ මුරකරුගේ මළසිරුර දැක දැනුම් දුන් බවද පොලීසිය සඳහන් කළේය.
අදාළ පුද්ගලයාගේ කටෙන් ලේ වමනය වහනය වී තිබූ බවත්, මෙය ඝාතනයක්ද, නැතිනම් රෝගී තත්ත්වයකින් මියගියේද යන්න සොයා පරීක්ෂණ කටයුතු සිදු කරන බවද පොලීසිය පවසයි.
හාලිඇල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ඇල්ල - ප්‍රසාද් රුක්මල්
Comments
Post a Comment
Your comment will be visible after approval