
මියගිය සීයාගේ හත්දවසේ දානෙට ආරාධනා කරද්දී සීයාගේ කටහඬ ඇසී මුණුපුරා කැලැවේ වැටී වැටී දිවගිය පුවතක් පසුගියදා අසන්නට ලැබිණි.
කැකිරාව ප්‍රදේශයේ ගම්මානයක වයස් ගතවූ සීයා කෙනෙකු මියැදුනේ නිවැසියන් සැමගේ නෙතට කඳුළක් නංවමිනි. සීයාගේ අවමංගල්‍යය නිමවීමත් සමග සත් දවසේ දානෙට් නිවැසියෝ කඩි මුඩියේ සුදානම් වූහ.
මෙම ගමේ පැවැති සිතක් වුයේ මියගිය ඥාතියාගේ 7 දවස දානයට පෙර දින මියගිය ඥාතියා අමතා නිවස අසන්නයේ පාළු ස්ථානයකදී පිං ලබා ගන්නට පැමිණෙන ලෙස කන්නලව්වක් කිරීමය.
සිරිත් පරිදි එම සිරිත කළ යුතුව තිබුණේ මුණුපුරා වන පුද්ගලයකුටය. දානයට පෙර දා හවස් ජාමයේ නිවසට මඳක් ඈතින් පාළු ස්ථානයට ගිය මුණුපුරා සීයාට කන්නලව් කළේ අනේ සීයේ අපට අනුකම්පා කර හට අපේ නිවසේ සිට වෙනුවෙන් කරන දාන කටයුතු වලින් පිං ලබාගන්න යැයි කියමිනි. ම
ොහොතක් ගත වනවාත් සමග සීයාගේ හඬින්ම කෙඳිරිල්ල සමගම
''හොඳයි හොඳයි ....මම එන්නම්“ සීයාගේ වදන්වලින් බියවූ මුණුපුරා දිවගියේ පණ එපා කියමිනි. නිවැසියන්ට සියල්ල පැවසූ ඔහුට පසුව නුල් මැතිරීමක්ද කරන්නට සිදුවිය.එම ස්ථානයේ කැලෑ රොදේ බිමතින් වැතිර සිටි පුද්ගලයකු වෙරිමරගාතේ තමාට ගෙදර අය අඬගහන බව සිතා එසේ පිළිතුරු දී ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval