
එක්සත් රාජධානියේ පැරණි සාප්පුවකින් මිලදී ගත් ,පෙර අයිතිකරුවන් විසින් ශාපලත් සිතුවමක් ලෙසින් හැදින්වූ සිතුවමක් සාප්පු කළමනාකරු විසින් "ඊ බේ" හි ඩොලර් 2,000 කට වඩා වැඩි මුදලකට අලෙවි කරන ලදී.
සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ පැතිරී ඇති මෙම 'හොල්මන් සිතුවම්' කෙරෙහි පෙර නොවූ විරූ උනන්දුව නිසා,මෙවැනි සිතුවම් වලට අධික ඉල්ලුමක් මතුව ඇත. ඇතැමුන් එහි බිය ජනක අත්දැකීම් හුවමාරු කරගෙන ඒවා ගැන විවිධ කතාන්තර ගොඩනගාගෙන තිබීම එයට හේතුවයි.
36 හැවිරිදි Zoe Elliot-Brown විසින් මෙම කුඩා දැරියගේ ඡායාරූපය Hastings Advice and Representation Center (HARC) වෙතින් ඩොලර් 25 කට මිලදී ගෙන ඇත.
කාන්තාවක් පැමිණ එය බියජනක යයි සටහන් කර ඇති අතර, පසුව ඇය ආපසු පැමිණ එය මිල දී ගෙන, පසුව ඇය එය දින කිහිපයකට පසු එය ආපසු ගෙන ආවේ එය ඇගේ ජීවිතය විනාශ කළ බව පවසමිනි,"
එලියට්-බ්‍රවුන් සිතුවම නිවසට ගෙනැවිත් ඇගේ විසිත්ත කාමරයේ එල්ලා ඇත - නමුත් පසුව ඇගේ මව අමුතු සෞඛ්‍ය බලපෑම් වලින් පෙළෙන බව කියා සිටියාය.
මවට වෙව්ලීමක් හා උණ ඇතිවූ බවත්. ඇය නානකාමරය තුළ ඇද වැටුණ බවත් පවසා ඇත.මධ්‍යම රාත්‍රියේ ඇගේ දොරට ෆැන්ටම් තට්ටු කරන හඬ ඇයට ඇසෙන්නට වූ බව පවසා අත.
මෙම සිතුවම eBay හි ඩොලර් 2,000 කට වැඩි මුදලකට අලෙවි වී අවසන් වූ අතර එයින් ලැබෙන ආදායම එලියට්-බ්‍රවුන් සහ HARC අතර බෙදී යනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval