harak-kata-cid-break-attempt

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන, ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක්කටා” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නාගෙන ගොස්, නීත්‍යනුකූල නොවන මාර්ගයෙන් බෝට්ටු මගින් ඉන්දියාවට ගෙන යෑමට සැකකාර කොස්තාපල් සහ ඔහුගේ මස්සිනා සැලසුම් කර තිබූ බවට

කරුණු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසීය.මෙම මෙහෙයුම සඳහා ‘හරක් කටා' සැකකාර කොස්තාපල්වරයාට රුපියල් කෝටියකට අධික මුදලක් දී තිබූ බවත්, එම මුදලින් රුපියල් ලක්ෂ 20ක් කොස්තාපල් ඔහුගේ මස්සිනාට දී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්, එම උසස් නිලධාරියා සඳහන් කළේය.

මාස ගණනාවක සිට මෙම මෙම මෙහෙයුම සඳහා නොයෙක් ආකාරයෙන් උපාය යොදමින් සිට ඇති කොස්තාපල් සහ ඔහුගේ මස්සිනා සී.අයි. ඩී. භාරයෙන් ‘හරක් කටා' පන්නාගෙන ගොස්,

තිදෙනාම බෝට්ටුවලින් ඉන්දියාවට පලා යෑමටත්, ඉන් පසුව එහි සිට වෙනත් රටකට යෑමටත්අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබී ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින 'හරක් කටා' යන අය සී.අයි.ඩී.යෙන් පන්නාගෙන යෑමට හරක් කටාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විස මුසු කිරි ටොෆි සහ කිරි තේ පානය කිරීමට දීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඊයේ (18 වැනිදා) කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවකු වන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් (97402) මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර යන අය මේ වන විට අතුරුදන්ව ඇති බවත්, ඔහුගේ ජංගම දුරකතනයට අදාළව කළ විමර්ශනයට අනුව ඔහුගේ මස්සිනා අත්අඩංගුවට ගත් බවත්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්ගේ වැඩිමහලු සහෝදරිය සමග විවාහ වී සිටින 23 හැවිරිදි සැකකරු සහ එම පොලිස් කොස්තාපල් ‛හරක් කටා' යන අය ප

ොලිස් භාරයෙන් පන්නාගෙන යෑමට කලක සිට සැලසුම් කර ඇති බවට කරුණු හෙළි වී ඇති බව ද ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු අපරාධය සම්බන්ධයෙන් දැනුවත්භාවයෙන් සිටි බවත්, ඔහු සියල්ල පිළිබඳව කරුණු වසන් කළ බවත්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින්, ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත, මෙම සැකකරු රඳවා තබාගෙන, ප්‍රශ්න කරමින් සිටින බව ද ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව,දින 90l කාලයක් පොලිස් කොස්තාපල්වරයාගේ මස්සිනා වන, ත්‍රිකුණාමලයේ පදිංචි අමිල සංජිව නමැත්තා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන, ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය අවසර දුන්නාය.මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන සැකකරුවන් දෙදෙනා මැඬගස්කර ආරක්ෂක විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ, ඉකුත් ජනවාරි මස 1 වැනිදාය.


නිමන්ති රණසිංහ