
හල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් ඊයේ (11දා) සවස පොලීසිය ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයා ගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
මෙසේ බේරාගෙන ඇත්තේ, කරුවලගස්වැව, නෙළුම්වැව නවෝද්‍ය මධුරංග (අවු.24) සහ තඹුත්තේගම සෙව්වන්දි සංදීපනී (අවු.23) යන නවක විවාහක යුවළකි.
අතරමංව සිටි නවෝද්‍ය තරංග තමා මුහුණ දුත් අත්දැකීම මෙසේ විස්තර කළේය.
"සැප්තැම්බර් 08වැනිදා අපි ගෙදරින් ආවේ. අපි විවාහ වෙලා මාස 03ක් විතර වෙනවා. අපි ඇවිත් බඹරකන්ද වංගෙඩිගල ආශ්‍රිතව කූඩාරම් ගසාගෙන සිටියා. ඒ අතර තැනින් තැනට අපි මාරු වුණා. ඒ අතරතුර අපි කැලෑවේ අතරමං වුණා. කැලේ කොයි අතට යන්න ඕනිද කියල හිතාගන්න බැරිව හිටියේ. අපි සිටි ස්ථානයේ ලොකේෂන් එක පුංචි අම්මට යැව්වා. ජංගම දුරකථන බැටරි අක්‍රීය වුණා,
පසුව පුංචි අම්මා ඒ ලොකේක්ෂත් එක පොලීසියට යවලා තිබුණා ඉතින් හල්දුම්මුල්ල පොලීසිය ඒක භාවිතයෙන් අපි සිටි ස්ථානය සොයාගෙන ආවා. අපි රාත්‍රී කළුවරේ ගතකෙරේ වන සතුන්ගෙන් හානියක් වුණේ නැහැ. අපිව බේරගත්තට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ නිලධාරින් සියලු දෙනාටම අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.”
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග සුරවීර මහතාගේ මූලිකත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් මෙම යුවළ බේරාගෙන තිබේ.
හල්දුම්මුල්ල - එස්.පී. නානායක්කාර

Comments
Post a Comment
Your comment will be visible after approval