
බොහෝ වෙලාවක් තම බිරිද බොහෝ ජංගම දුරකථනයේ රැඳී සිටින බව පවසමින් සැමියකු මුළුතැන්ගේ තිබූ දර පොල්ලකින් ඇයගේ හිසට පහර දී ඝාතනය කළ පුවතක් ගම්පොළ, වෙලම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ උඩුනුවර වෙලම්බොඩ ලොකුඅංග ප්‍රදේශයේ පදිංචි අමාලි ලක්මිණි සේනානායක නැමති 24 හැවිරිදි එක් දරු මවකි. ඔවුන් මහියංගන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර එහිදී ඇතිවූ ප්‍රශ්නයක් නිසා සැමියා එහි පදිංචිය වෙනස් කර පෙරේදා (05 වැනිදා) බිරිඳ සමඟ ගම්පොළ, වෙලම්බොඩ ප්‍රදේශයේ ඇයගේ මහගෙදර පදිංචියට පැමිණ තිබේ.
එලෙස පැමිණි වේලාවේ සිට බිරිඳ ජංගම දුරකථනයේ රැඳී සිට ඇත. ඔවුන්ගේ වයස අවුරුදු එකහමාරක් වූ දරුවාට කිරි සෑදීම පවා සැමියා විසින් සිදු කර ඇති බව වෙලම්බඩ පොලිසිය කියයි.
බිරිඳ ජංගම දුරකථනයේ රැඳී සිටීම පිළිබඳව විමසීමේදී ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් සැමියා පහර දීම සිදු කර තිබේ. ඉන් බරපතළ තුවාල ලැබූ බිරිද එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් 28 හැවිරිදි සැමියා නිවසේම රැඳී සිට ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
(සුරංග රාජනායක - ගම්පොළ)
Comments
Post a Comment
Your comment will be visible after approval