dilani-daughter-kavisha-kavindi

ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිලානි අබේගුණවර්ධනගේ එකම දියණිය කවිෂා කාවින්දි ඇමරිකාවේ වාසය කරන්නියකි. ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ ශෙහාන් ජයසූරිය ඇයගේ සැමියාය. කවිෂා කාවින්දි ළඟදී මව් පදවියටද පිවිසි අතර ඇය එරට සිට සතිඅන්ත පුවත්පතකට ලබදී සාකච්ඡාවක් මෙසේය.

‘මමත් මවු පදවිය ලැබුවා. දැන් අපේ පුතාට මාස පහයි. එයාගේ නම කෛලේන් සෙනෙත් ජයසූරිය. බබා ලැබිලා මුල් මාස දෙක ටිකක් මට අසීරූ වුණා. ඊට පස්සේ ටිකින් ටික මේ ජීවිතේට හුරු වුණා. දැන් බබා අපිත් එක්ක සංචාරය කරන්නත් එක්කගෙන යනවා. ජුනි මාසේ ඉඳලා ශෙහාන්ගේ ක්‍රිකට් සීසන් එක පටන් ගත්තා. අපි දෙන්නත් එයත් එක්ක හැමතැනම ගියා. ගොඩක් අය පුදුම වුණා. චූටි බබෙක් එක්ක කොහොමද ට්‍රැවල් කරන්නේ කියලා. ඒත් මට ඒක අසීරූ නැහැ දැන් හුරු නිසා. මම නම් හිතන්නේ බබෙක් ලැබුණා කියලා එකතැන ඉන්න හොඳ නැහැ ජීවිතේ විඳින්න ඕන. ඉතිං මම මේ ජීවිතේ විඳිනවා කරදරයක් කියලා නොහිතා.




ඇත්තටම රඟපාන්නේ නැත්තේ ඔයා අකමැති නිසාද එහෙම නැත්තම් ශෙහාන් නීති දාලා ද..?

මම එක කොමඩ් චිත්‍රපටයකට සම්බන්ධ වුණා . ඒකේ වැඩ සති දෙකෙන් ඉවර වුණු නිසා සම්බන්ධ වුණා. ඊට පස්සේ උපාධි අවසන් කරද්දී අවුරුදු හයක් ගියා. හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙන්න හිටියේ, රඟපාන්න ආරාධනා ලැබුණත් ලංකාවට ඇවිත් ලොකු කාලයක් ඉන්න මට නිවාඩු නැති නිසා ඒවට සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ කැමැත්තක් ඇති වුණේ නැහැ. මම ආස නැහැ දැන් රඟපාන්න. ශෙහාන්ගෙ රඟපාන්න එපා කිව්වෙත් නැහැ. මගේ අකමැත්ත නිසා තමයි රඟපාන්න යන්නේ නැත්තේ.

එහෙම නැත්තම් ගොසිප් හැදෙයි කියලා බයටද..?

මම ප්‍රසිද්ධ වෙන්න ආස නැහැ ඇත්තටම බොරු ගොසිප් හැදෙන නිසා. ඒත් මම රඟපාන්නේ නැතුව ඉඳලත් බොරු ගොසිප් හැදෙනවා.



 ශෙහාන් කියන විදිහට ඔහුගෙන් උදව් ලැබෙනවා ද.?

මට වඩා බබාව බලාගන්නේ, බබාගේ වැඩ කරන්නේ ශෙහාන් කිව්වොත් හරි. උදේ පාන්දර බබා ඇහැරෙද්දි මට කලින් එයා නැඟිටලා බබා ගැන බලනවා. පොඩි සද්දයක් ඇහුණත් ශෙහාන් ඇහැරෙනවා. මම වගේ නෙමෙයි. ජිවිතේට මුලින්ම දරුවෙක් එකතු වෙනවා කියන්නේ ලෙහෙසි නැහැ , එතනදි මට කිසි අඩුපාඩුවක් නොකර එයා මට උදව් කරනවා. ඇත්තටම එයා හොඳ සැමියෙක්. හොඳ තාත්තා කෙනෙක් කියන්න පුළුවන් . ඒ වගේම තමයි මගේ කැරියර් එක අත අරින්නේ නැතුව කරගෙන ‍යන්නත් එයා උදව් කරනවා.

 අම්මා දැන් ආච්චි කෙනෙක් කොහොමද ඇගේ ප්‍රතිචාර..? ඒ ගැනත් කියලා කතාවට සමු දෙමු..?

අම්මා තාත්තා හරි සතුටු වෙනවා. අම්මා ඉන්නේ මට වඩා ගොඩක් දුරින්. මම ඉන්නේ කැලිෆෝනියාවේ අම්මා නිව්යෝර්ක්. එක රටේ තැන් දෙකක . ජොබ් එකෙන් නිවාඩු ගන්නත් අමාරුයි. ඒත් අම්මා නිවාඩු දාලා මගේ ළඟ මාසයක් හිටියා. බබා ලැබෙද්දී එයාලා මගේ ළඟ. අම්මත් මට ලොකු හයියක්. මාස හතරකින් අම්මව දැක්කෙ නැහැ , ඒත් වීඩියෝ කෝල්ස් අරන් බබාව බලනවා.

(හර්ෂණී වීරරත්න - රසඳුන)