
වැඩිවූ ඩීසල් මිල පදනම් කරගෙන සෙනසුරාදා (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව බස් ගාස්තුව සියයට 4.01කින් ඉහළ දමා ඇත.කෙසේ වෙතත් රුපියල් 30 අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුවී නැත.
බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බව කොමිසම දන්වා ඇත.
පෞද්ගලික බස් කර්මාන්තය ඉතා අපහසුවෙන් පවත්වාගෙන යන කාලයක රජය මෙලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම තුළින් පෞද්ගලික බස් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බවද බස් ගාස්තු ඉහළ නැංවීම මගින් මගී ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ වගකීම රජය භාරගත යුතු බවද පුද්ගලික බස් රථ සංගම් පෙන්වාදී තිබේ.
වැඩිවූ මිල ගණන් පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval