
උපන් හැටියේම දරුවා රැගෙන ගොස් මුහුදට විසිකර දැමූ බව කියන මවක් හලාවත මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබුහ.මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ හලාවත දැදුරුඔය ප්‍රදේශයේ පදිංචි පදිංචි දරුවන් හය දෙනකුගේ(36) මවකි. නිවසේ දී ප්‍රසූත කරන ලද දරුවා මියගොස් ඇති බව පෙනී ගිය නිසා ඒ මොහොතේම දරුවා රැගෙන ගොස් මුහුදට විසිකර දැමූ බව අත්අඩංගුවට ගත් සැකකාරිය පොලීසියට පවසා ඇතැයි කියති.
බිලිඳා පණපිටින් සිටියදීම මුහුදට විසි කළේදැයි යන්න සොයා ගැනීමට ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.ආරච්චිකට්ටුව, මුතුවාඩිය වෙරළ තීරයට බිලිඳු මළසිරුරක් පෙරේදා (24)ගොඩගසා තිබියදී ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබීය.මුතුවාඩිය මුහුදු වෙරළ තීරයට ගොඩ ගසා ඇත්තේ සැකකාරිය විසින් මුහුදට විසි කරන ලද බිලිඳා විය හැකි බවට පොලිසිය සැක කරයි. සැකකාරියගේ සැමියා මීට වසර කිහිපයකට ඉහත දී මියගොස් ඇති බවද පොලිසිය කියයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval