
නිදාගෙන සිටි සිවු හැවිරිදි දැරියක් ඊයේ (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වැනි පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියකි.
දැරිය සුපුරුදු පරිදි මව සමග ඊයේ (11) දහවල් කාමරයේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේ දී දැරිය නින්දේ සිට ඇතැයි පොලිසිය කියයි.
මව දැරිය පිළිබඳව විමසිලිමත් වීමේ දී දැරියට මුත්‍රා පහ වී ඇති අයුරු දුටු මව දැරියගේ ඇඳුම් මාරු කිරීමට සූදානම් වීමේදී දැරියගේ ශරීරය අප්‍රාණිකව ඇති අයුරු දැනී කලබල වී සිය සැමියාට ඒ බව දුරකථනයෙන් දන්වා දරුවා වඩාගෙන නිවස ඉදිරිපිටට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකින් දැරියව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
එහිදී දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරු ඇය මියගොස් ඇති බවට දැනුම් දී ඇත.
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) හොරණ මූලික රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ සිදුකිරීමට නියමිතය.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

Comments
Post a Comment
Your comment will be visible after approval