A-Monaragala-operation-to-find-the-16-year-old-girl-who-gave-birth

මොනරාගල ගලබැද්ද අඹලන්ද ප්‍රදේශයේ පදිංචි දාසය හැවිරිදි දැරියක් මොනරාගල මහ රෝහලේදී පිරිමි දරුවෙකු පුසූත කිරීමේ සිද්ධියක් පිළිබඳ මොනරාගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.



මෙම දැරිය මොනරාගල අලියාවත්ත ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා පසුව මව සමග කුලී වැඩට ගොස් ඇත.



අඹලන්ද ප්‍රදේශයේ උක් ගස් කැපීමට ගිය අවස්ථාවකදී එම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර වැඩිහිටියන්ගේ කැමැත්ත මත ඇයගේ වයස අවුරුදු 19 බව සඳහන් කරමින් මොනරාගල ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාරිවරියක නොමග යවා නීත්‍යනුකූලව විවාහ වී ඇති බවට අනාවරණය වී තිබේ.

පසුව දෙදෙනා අඹලන්ද ප්‍රදේශයේ තරුණයාගේ නිවසේ එකට පදිංචිව සිට ඇති අතර ඉකුත් මස තිස්එක් වෙනි දින මොනරාගල මහ රෝහලේදී පිරිමි දරුවෙකු පුසූත කර ඇත.

ඇය විවාහ වනවිට ඇයගේ වයස අවුරුදු 14 දින 07 කි. සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට මොනරාගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මොනරාගල සුමනසිරි ගුණතිලක