
ඊයේ (29) පස්වරුවේ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු සැකකරුවන්ට ලබා දීම සඳහා රැගෙන ආ කෙහෙල්ඇවරියක් ගැන සැක සිතී බන්ධනාගර අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරී නියුතු නිලධාරීන් සෝදිසියක් කර තිබූ අතර
එහිදී සැකකරුටන්ට ලබා දීමට රැගෙනවිත් තිබූ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩි තුළ අඟල් 03 සහ 04 ප්‍රමාණයේ බීම බට 16ක් තුළ හෙරොයින් යැයි සැකකළ හැකි මත් ද්‍රව්‍ය හමුවී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කරන ලදි.
මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා හා මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බව කළුතර බන්ධනාගාර නිලධාරීන් දන්වා තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval