
රුපියල් එක්කෝටි හතළිස්ලක්ෂ අසූපන්දහසක් වටිනා මරිජුවානා සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය පෙති තොගයක්, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අත්හැර දමන ලද පාර්සල් තුළ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (05වැනිදා) සොයා ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවැසීය.
ඇමරිකාව, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවලින් විවිධ පළාත්වල ව්‍යාජ ලිපිනයන් වෙත මෙම පාර්සල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ අතර ඒවා භාර ගැනීමට මේ වන තෙක් කිසිදු පුද්ගලයකු ඉදිරිපත් වී නොමැත.
එම නිසා මෙම පාර්සල් තැපැල්,පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරිපිට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විවෘත කර තිබූ අතර ඒවායෙහි තිබී මෙම කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 406ක් බර මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබිණි .
මෙම මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
2023 වසරේ මේ වනවිට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව තුළින් පමණක් රුපියල් අටකෝටි හැටලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ටී.කේ.ජී.කපිල-කටුනායක
Comments
Post a Comment
Your comment will be visible after approval