
රාජ්‍ය නිලධාරිනියක් බිලිඳෙකු කුලවද්දාගෙන හදා වඩා ගැනීමට ගන්නේ නම් ඇයට මාස හතරක විශේෂ නිවාඩුවක් ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අදාළ නිලධාරිනියට ලැබෙන නිවාඩුව වැටුප් සහිතද රහිතද යන්න තීරණය වන්නේ ඇය විසින් ඊට පෙර ලබාගෙන ඇති නිවාඩු මතය.
එලෙස හදා ගැනීමට ගන්නා දරුවා මාස දහයකට අඩු විය යුතු අතර එම දරුවාගේ උප්පැන්න සහතිකයේ සත්‍ය පිටපතක් ආයතන ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක සඳහන් කරයි.
එමෙන්ම දරුවා නීත්‍යනුකූලව ලබා ගෙන තිබීම හෝ දරුවා නීත්‍යනුකූලව ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹ ඇති බව සනාථ කළ යුතු වේ.
යම් නිලධාරිනියකට වැටුප් රහිතව නිවාඩු හිමි වන්නේ නම් ඇය විසින් ලබා ගෙන ඇති ණය හෝ අත්තිකාරම් පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් ආයතන ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතුය.
මේ යටතේ ලබා දෙන අඩ වැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු, වැටුප් වර්ධක කාර්යයන් සඳහා සහ විශ්‍රාම වැටුප් කාර්යයන් සඳහා බාධාවක් නොවිය යුතු වේ.
එමෙන්ම එම කාලය තුළ ඇතිවන පුරප්පාඩු සහ උසස්වීම් ලබාදීම සඳහා එම නිවාඩු කාලය සක්‍රිය සේවා කාලයක් සේ සැලකිය යුතු බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් යම් හෙයකින් නිවාඩු අනුමත කිරීමෙන් පසු දරුවා මියගිය හොත් එයින් දින හතකට පසු මෙම නිවාඩුව අවලංගු වේ.
එමෙන්ම මෙම විශේෂ නිවාඩුව ලබා දිය යුත්තේ හදාවඩා ගන්නා දරුවා රැක බලා ගැනීම වෙනුවෙන් පමණක් බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.
චාමර පල්ලේගෙදර
Comments
Post a Comment
Your comment will be visible after approval