
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණය මුදලේ දෙවැනි වාරිකය එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් පෙරේදා (31) ආපසු ගෙවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකා මේ මූල්‍ය පහසුකම ලබා ගනු ලැබුවේ වාරික තුනකින් ආපසු ගෙවීමේ එකඟතාවය මතයි. ඒ අනුව අගෝස්තු 17 දින ඩොලර් මිලියන 50ක් ගෙවා තිබිණි. දෙවැනි වාරිකය පෙරේදා (31) ඩොලර් මිලියන 100ක් ගෙවූ මහ බැංකුව එකඟ වූ පරිදි අවසන් වාරිකය නියමිත දිනට එනම් මේ මස අගදී ගෙවා නිම කිරීමට ක්‍රියා කරනු ඇත.
මේ වසරේ ජූලි අවසන් වන විට මෙරට දළ නිල සංචිතය ඩොලර් බිලියන 3.8ක් ලෙස වැඩි වී ඇත. එය වසර 2022 ජූලි අවසානය වන විට ඩොලර් බිලියන 1.8ක් තරම් අඩු මට්ටමක පැවැතිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval