
ඊයේ ආසියානු කුසලාන ජයග්‍රහණය ඉන්දියාවට අත්වීමෙන් පසු ප්‍රකට බොලිවුඩ් නළු ෂාරුක් කාන් පදිංචිව සිටින නිවාස සංකීර්ණයේ ඉදිරිපස යකඩ අට්ටාලය වෙත පැමිණ සිය රසිකයින් හමුවේ පෙනී සිටිමින් ඉන්දියාවේ ජයග්‍රහණයට ආචාර කළේය. විශාල පිරිසක් එතැන රැස්ව සිටි බවත් ඔවුන් ෂාරුක්ගේ ඉරියව් රූගත කරමින් සිටි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.
මේ දිනවල වාර්තාගතව තිරගතවන ෂාරුක්ගේ ජවාන් චිත්‍රපටය හේතුවෙන් ඔහු විවිධ ප්‍රචාරණ අංග වෙනුවෙන් කාලය වැය කරන අතර මෙම පෙනී සිටීමද ඉන් එක් අංගයක් ලෙස ඇතැමුන් හඳුන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval