
බංග්ලාදේශයේ ඩකා අගනුවර මිර්පූර් හි අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර සමග විදුලි රැහැන් කඩාවැටී එකම පවුලේ කිහිපදෙනෙකු මියයාමේ සිදුවීමක් වාර්තාවූ අතර එම අවස්ථාවේ විදුලි රැහැන් සමග මාස 8 ක දරුවෙකු ගංවතුරට වැටී බේරාගත් සිදුවීමක් වාර්තාවී තිබුණි. හතර දෙනෙකුට විදුලි සැර වැදී මිය ගිය ස්ථානයෙන් මෙම දරුවා බේරාගෙන ඇත.
එම සිද්ධියේදී දරුවාගේ මවුපියන් දෙන්නාම විදුලි සැර වැදී මිය ගියේ අවාසනාවන්ත ලෙසිනි. එකතු වූ ජලයේ දරුවා සොයා ගැනීමෙන් පසු දරුවාව ඩකා වෛද්‍ය විද්‍යාල රෝහල (DMHC) වෙත ගෙන යන ලදී.
බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 21) දහවල් 12:30 ට පමණ දරුවා DMK හි හදිසි ප්‍රතිකාර අංශය වෙත ගෙන යන ලදී. තුවාල ලැබූ දරුවාගේ නම හොසේන්ය.
දරුවා බේරාගත් රිෂි නමැත්තෙකු පැවසුවේ විදුලි සැර වැදී එම ස්ථානයේදීම ඇතැම් පුද්ගලයන් මිය ගිය නමුත් එම ස්ථානයේම දරුවා ගොඩ ගැසුණු වැසි ජලයේ වැතිර සිටි බවය.
පසුව දරුවාව බේරාගෙන රෝහලට ගෙන ගිය බවත් ‘බබා හොඳටම ඇඬුවා‘ ලෙසිනුත් ඔහු සඳහන් කළේය.
ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මීර්පූර්හිදී විදුලි සැර වැදී පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගිය ස්ථානයෙන් බේරා ගත් දරුවා හොඳින් සිටින බවත් ප්‍රතිකාර කිරීමෙන් පසු දරුවාව පොලිසියට භාරදෙන බවත්ය. බේරා ගත් දරුවා විදුලි සැර වැදී මිය ගිය මුක්තා සහ මිසාන් යුවළට අයත් වන බවත් දරුවාට භාරකරුවෙකු සොයාගැනීම උසාවිය තීන්දු කරනු ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval