
බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කළු වඳුරු පැටව් සිවු දෙනකු සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය කියයි.
වනජීවී අඩවි සහකාර මාධව මිහිර කුඹුකගේ මහතා සිදු කර ඇති එම පැමිණිල්ලට අනුව, ඉකුත් 9 වැනිදා රාත්‍රියත්, සෙනසුරාදා අලුයම 3.30ත් අතර කාලයේදී මෙම සොරකම සිදු කර ඇතැයි පොලීසිය කියයි.
වඳුරු පැටවුන් සොරකම සඳහා දෙදෙනකු වඳුරන් තබා තිබෙන කුටිය තුළට පැමිණ සිටින අන්දම එහි සවිකර තිබූ සීසීටීවී කැමරාවල දක්නට ලැබෙන අතර, ඔවුන් මෝටර් රථයකින් පැමිණි බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත්, වනජීවී හදිසි ඇමතුම් අංශය 1992 හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානය 0113604147 හෝ යන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති.
එච්.එම්. ධර්මපාල

Comments
Post a Comment
Your comment will be visible after approval