
දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටියදී නැගෙනහිර පළාතට සිදු කල ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර තිබේ.
ජාතික පොලිස් කොමිසම විසින් මෙම ස්ථාන මාරුවීම සමඟ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනකු සේවා ස්ථාන මාරු කර තිබිය ඇති බවත් ඔවුන් කිසිවකු එම මාරුවීම් අභියෝගයට ලක් කර නැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ කරුණු දැක්වීම පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප‍්‍රභ කර තිබේ.
මෙම පෙත්සම විභාග කරනතුරු ඔහුගේ මාරුව අවලංගු කර තිබූ නමුත් ඔහුට දැන් නැගෙනහිර පලාතට මාරුවීමට ඒ අනුව සිදුවනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval