
වෛද්‍ය රසායනාගාරයකට ඇතුළු වී එහි සිටි විසි එක් හැවිරිදි සේවිකාවක අපයෝජනය කිරීමට උත්සාහ කළ බව කියන සැකකරුවෙකු මේ මස 21වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (12දා) නියෝග කළේය.
මීරිගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
මීරිගම වෛද්‍ය රසායනාගාරයකට ඉකුත් 11වැනිදා පස්වරුවේ වර්ෂාවත් සමග පිටස්තර කිසිවෙකු නොමැති අවස්ථාවක එහි ඇතුළු වී තනිව සිටි විසි එක් හැවිරිදි සේවිකාවක අපයෝජනය කිරීමට උත්සාහ කිරීමේදී පිරිසක් විසින් සැකකරු අල්ලා මීරිගම පොලීසියට භාර දුන් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.
පොලීසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය.
නැවත කැදවීම මේ මස 21 වැනිදාට කල් තැබිණි.
වාරණ ආනන්ද ඉ ජයකොඩි
Comments
Post a Comment
Your comment will be visible after approval