Lina-who-earns-2-million-tik-tok-goes-to-Indonesian-prison-after-posting-videos-of-her-eating-pork

ඌරු මස් අනුභව කිරීමට පෙර ඉස්ලාමීය වාක්‍ය ඛණ්ඩයක් ප්‍රකාශ කරමින් ටික් ටොක් වීඩියෝවක් පළ කළ කාන්තාවකට ඉන්දුනීසියානු අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙයි.
33 හැවිරිදි ලීනා ලුට්ෆියාවතී ආගමික පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව "වෛරය අවුලුවාලීම" සම්බන්ධයෙන් වරදකරු විය.
ඇයට ඩොලර් 16,245 (ලක්ෂ 50 ක පමණ) දඩයක් ද නියම විය හැකිය. ඇය මුදල් නොගෙවන්නේ නම් ඇයගේ සිර දඬුවම මාස තුනකින් දීර්ඝ කළ හැකිය.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ ආන්දෝලනාත්මක අපහාස නීති සම්බන්ධ නඩු මාලාවේ නවතම අවස්ථාව මෙයයි.


බොලිවුඩ් චිත්‍රපටවලට ඇති ඇල්ම නිසා ලීනා මුඛර්ජි යන ඉන්දියානු නාමය වැළඳගත් ලීනා ලුට්ෆියාවතී (මුස්ලිම්) ලෙස හඳුනා ගත හැකි බවද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ටික් ටොක් අනුගාමිකයන් මිලියන දෙකකට වඩා සිටින ඇය ඉන්දියාවේ වයාපාරයකද නිරත වන්නියකි.
ඌරු මස් අනුභව කිරීම ඉස්ලාමයේ සපුරා තහනම්ය.
මාර්තු මාසයේදී, ඇය "බිස්මිල්ලාහ්" - "දෙවියන්ගේ නාමයෙන්" යන අර්ථය ඇති අරාබි වාක්‍ය ඛණ්ඩයක් - ඉස්ම සහිත ඌරු මස් සම අනුභව කිරීමට පෙර උච්චාරණය කරමින් වීඩියෝවක් පළ කළාය.
ඒ වන විට, ඇය ඉන්දුනීසියාවේ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වන බාලි හි සංචාරය කරමින් සිටි අතර, රටේ සෙසු ප්රදේශවල මෙන් නොව, බහුතර හින්දු ජනගහනයක් වාසය කරන එහිදී ලුට්ෆියාවතී මහත්මිය පැවසුවේ කුතුහලය නිසා ඇය ඌරු මස් අත්හදා බැලූ බවයි.
මෙම වීඩියෝව මිලියන ගණනක් නරඹා ඇති අතර එය පුළුල් ලෙස විවේචනයට ලක්විය. තවත් ඉන්දුනීසියානු ජාතිකයෙකු ඇයව "දැන දැනම මුස්ලිම් ජාතිකයෙකු ලෙස ඌරු මස් සම අනුභව කිරීම" ගැන පොලිසියට වාර්තා කිරීමට පෙළඹුණි.
පසුගිය මැයි මාසයේදී ලුට්ෆියාවතී මහත්මියට එරෙහිව වෛරී තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පොලිසිය චෝදනා එල්ල කළේ එය ජනවාර්ගිකත්වය, ආගම සහ ජාතිය සම්බන්ධයෙන් සතුරු ක්‍රියාවක් බව පවසමිනි.


රට පුරා බොහෝ ගතානුගතික කණ්ඩායම් ද මෙම වීඩියෝව අපහාසාත්මක යැයි පවසමින් ප්‍රකාශ නිකුත් කළහ. ඉන්දුනීසියාවේ ඉහළම මුස්ලිම් ලිපිකරු ආයතනය වන උලමා කවුන්සිලය ද ඒ අතර විය.
ඉන්දුනීසියානු සමාජ මාධ්‍ය ජාල වල, ඇය සිරගත කිරීම පිළිබඳ ප්‍රතිචාරය මේ වන විට පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් පළවෙමින් පවතී.
ඉන්දුනීසියාවේ මානව හිමිකම් කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් දිගු කලක් තිස්සේ දේව අපහාස නීති විවේචනය කර ඇති අතර, ඔවුන් පවසන්නේ ආගමික සුළුතරයන් ඉලක්ක කර ගැනීම සඳහා නිතර අවභාවිතා කරන බවයි.