
කල්පිටිය ඉප්පන්තිව් දූපත සමීප කළපුවට පැමිණි තල්මසකු ඊයේ (8 වැනිදා) මධ්‍යහ්නයේ මහත් පරිශ්‍රමයක් යොදා යළි මුහුදට මුදාහැරිය බැව් කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක උපාලිකුමාරතුංග මහතා පවසයි. අඩි 35 ක් පමණ දිගින් යුතු මෙම තල්මසා බ්‍රයිඩෙස් තල්මසා (Brydes Whale) යන නමින් හඳුන්වන අතර සිය සංචරණ මාර්ගය වෙනස් වීමෙන් සහ කුඩා මසුන් අනුභවය පිණිස කළපු දෙසට පැමිණෙන්නට ඇතැයි, කුමාරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නොගැඹුරු කළපු ජලයේ වැඩි වේලාවක් තල්මසාට රැඳී සිටීමට අසිරු හෙයින් ඉමහත් වෙහෙසකින් පසු උච්චිමුණේ මෝය කටින් යළි මුහදට මුදා හැර ඇත. මෙම තල්මස් මෙහෙයුම සඳහා කල්පිටිය වනජීවී නිලධාරී කාර්යමණ්ඩලයට, කල්පිටිය නාවුක හමුදාව සහ කල්පිටිය නාරා ආයතනයේ සහාය ලැබුණ බවද කුමාරතුංග මහතා සඳහන් කළේය.
පද්මා කුමාරි
Comments
Post a Comment
Your comment will be visible after approval