
සෙනසුරාදා (19) පෙරවරු 8.00 සිට ඉරිදා (20) අලුයම 2.00 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
ඒ අනුව,
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ,කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, මුල්ලේරියාව, රත්මලාන යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුවක් සිදු කරන බව දන්වා ඇත.
අඹතලේ පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් මෙය සිදුකරන බව දන්වා තිබේ.
අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා ප්‍රමාණවත් ජලය කල්තියා රැස් කර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආපදාවට ලක් වූ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval