
මෙරට තුළ වගා කළ හැකි කිසිදු එළවළුවක් ආනයනය සඳහා අවසර ලබාදී නොමැති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තහවුරු කළේය.
ඔහු පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත මෙතෙක් ආනයනය කිරීම් තහනම් කර තිබූ ද්‍රව්‍ය තුන්සිය ගණනක් නිදහස් කළද එළවළු ආනයනය සඳහා අවසර ලබා දුන් බවක් ඉන් නොහැඟවෙන බවයි.
ඒ අනුව නිරෝධායන සහතිකපත් සඳහා අනුමැතිය ලබා දීම කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින තෙක් රට තුළ වගා කළ හැකි කිසිදු එළවළුවක් ආනයනය කිරීමට තමන් අනුමැතිය ලබා නොදෙන බව කී අමාත්‍යවරයා, ඒ පිළිබඳ ගොවීන් කිසිදු බියක් ඇතිකර නොගත යුතු බවද පැවසීය.
-නිදර්ශනී චික්‍රමසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval