
ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස පිළිගැනෙන ලංකාවේ තර්ජිනී සිවලිංගම් අන්තර්ජාතික දැල්පන්දු පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ඒ මෙවර දැල්පන්දු ලෝක කුසලානය නිමාවත් සමගිනි.
සිය සමුගැන්ම ප්‍රකාශයට පත් කරමින් තර්ජිනී ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දීවියට සමුදුන්නත් තමා විදෙස්ගතව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි. සමුගන්නා විට ඇය 44 වැනි වියේ පසු වූවාය.
2009 වර්ෂයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූ තර්ජිනී මේ දක්වාම කණ්ඩායම නියෝජනය කළ අතර, කලක් ඇය කණ්ඩායම් නායිකාව ලෙස ද කටයුතු කළාය. සෙ.මී. 206ක් හෙවත් අඩි 06 අඟල් 09ක උසකින් යුත් තර්ජිනී, ලොව උසම ජාත්‍යන්තර මට්ටමේ දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස ද පිළිගැනේ. පසුගිය (2019) ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ තර්ජනී එහිදී ලකුණු 348ක් ශ්‍රී ලංකාවට රැස්කරදීමට සමත් වූයේ, තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වෙමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval