
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් තම සාමාජිකයින් මුහුණ දි ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමත් සමග නාම යෝජනා භාර දුන් හිටපු පලාත් පාලන සභිකයින් දැඩි දුෂ්කරතාවයන්ට ලක් වී ඇති බවත්, රාජ්‍ය සේවයේ නිරත ඇතැම් පළාත් පාලන අපේක්ෂකයින්ට රැකියාව සිදු කිරීමේදී පවා බාධා මතුව ඇති බවත්ය.
මෙම තත්ත්වයන් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර කඩිනම් විසඳුමක් ලබා ගැනීම සඳහා සාකච්ඡාව පැවැත්වෙන බව සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ය.
Comments
Post a Comment
Your comment will be visible after approval