
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් Halimah Yacob මහත්මිය සමග සාකච්ඡාවක නිරත වී තිබේ. ඇය එරට ජනපති පදවියට පත් ප්‍රථම කාන්තාවයි.
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සහ ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යෙන් යන මහත්ම මහත්මීන් අතර සාකච්ඡා කිරීමට නියමිතය.
දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව පැරිස් ගිවිසුමට අනුව කාබන් හර කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval