
පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද නිවාසවල දොර ජනෙල්වලට සවි කර තිබූ පිත්තල සරනේරු ගැලවූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. සැකකරු එලෙස සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ පහකට හා ආසන්න වටිනා පිත්තල සරනේරු පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ඉකුත් මාස තුනක පමණ කාලය තුළ දී
පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේ අලුතින් ඉදිකළ නිවාස ඇතුළු වසා දැමූ නිවාස හයක දොර ජනෙල්වලට සවි කර තිබූ පිත්තල සරනේරු සොරුන් ගැලවීම සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු එලෙස සොරා ගෙන තිබූ පිත්තල සරනේරු කොළමුන්න පිළියන්දල අගුලාන හා හැඩිගම ප්‍රදේශවල පරණ යකඩ බඩු මිල දී ගන්නා ස්ථානවලට ඉතා අඩු මුදලට විකුණා තිබිය දී සොයාගෙන ඇත. සැකකරු එම සියලු මුදල් හෙරොයින් පානයට වැය කර තිබූ බව ද පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval