
පැල්මඩුල්ල පොලිස් සිර මැදිරියේ රඳවා සිටි බිරියගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකුගේ ගෙලට පිහියකින් ඇන තුවාල කළේ යැයි කියන එම කාන්තාවගේ සැමියා සැකපිට පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පැල්මඩුල්ල උඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුගේ ගෙළට පිහියෙන් ඇනීමට යොදාගත් බවට සැලකෙන කුඩා පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිය ඇය විසින් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව කියන පුද්ගලයකු සමඟ පැල්මඩුල්ල නගරයේ දෙනෝදාහක් බලා සිටියදී රණ්ඩුසරුවල් කරමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පැල්මඩුල්ල පොලිසියට මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බව කියන මෙම කාන්තාව සහ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇත.සැකකාර කාන්තාවට ඇප ලබා ගැනීමට ඇයගේ සැමියා ද පොලිස් ස්ථානයට පැමිණ ඇත. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු පොලිස් චෝදනාගාරයෙන් පිටතට ගිය අවස්ථාවේ සැමියා ඇයට පහරදීමක් කර ඇතැයි පොලිසිය පවසයි.
එය දුටු පොලිස් සැරයන්වරයකු බිරිඳට පහර දුන් බව කියන ඇයගේ සැමියා ද සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය අසලට ගෙනැවිත් ඔහු ඒ තුළට දැමීමට පෙර පරීක්ෂාවට සූදානම් වූ අවස්ථාවේ සැකකරු පොලිස් සැරයන්වරයාව තල්ලු කර දමා ඉනේ සඟවාගෙන සිටි කුඩා ප්‍රමාණයේ පිහියක් ගෙන පොලිස් සිර මැදිරියේ සිටි බිරියගේ අනියම් සැමියා බව කියන පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයට ඇන තුවාල සිදුකර ඇතැයි එම නිලධාරියා කීය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval