
ඕපනායක ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එම නිවසේ සිටි තිස්හතර හැවිරිදි එක්දරු මවක් නිරුවත් කර ඇඳේ ගැටගසා ලිංගික අතවර කර ඇතැයි ඕපනායක පොලිසිය පවසයි. පසුගිය දෙවැනිදා මෙම අපරාධය සිදුවී ඇත.
ලිංගික අතවරය ජංගම දුරකතනය මගින් වීඩියෝ කර එය කාන්තාවගේ දුරකතනය වෙත එවා ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. නිවැසියයන් මේ සිද්ධිය පිළිබඳව පෙරේදා (05 වැනිදා) ඕපනායක පොලිසිය වෙත පැමිණිළි කර ඇත. ඊයේ (06 වැනිදා) ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් (සොකෝ නිලධාරීන්) විසින් අපරාධ ස්ථානය නිරීක්ෂණය කරනු ලැබීය. අතවරයට පත් කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත. ඕපනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජේ. එම්. විමලසේන - ඕපනායක
Comments
Post a Comment
Your comment will be visible after approval