
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර කිහිපයකට ඊයේ (14) සුළු විදුලිය විසන්ධි වීම හේතුවෙන් ශල්‍යකර්ම ඇතුළු රෝහල් සේවාවන්ට බලපෑම් එල්ල විය.
ආරංචි මාර්ග පවසන පරිදි ශල්‍යාගාර කිහිපයකට විදුලිය ගෙන යන කේබල් කිහිපයක කාර්මික දෝෂයක් ඇති වී තිබේ. ඒ නිසා ඊයේ පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා පැය හතරහමාරක පමණ විදුලි බිඳවැටීමක් සිදුවු බව වාර්තාවේ.
කෙසේ වෙතත්, විදුලිය විසන්ධි වුව ද ශල්‍යකර්ම ඇතුළු රෝහල් මෙහෙයුම්වලට ප්‍රධාන බාධාවන් සිදුව නොමැති බවත් මෙහෙයුම් දෙකක් සිදු කිරීමට සුළු ප්‍රමාදයක් පමණක් සිදුවූ බවත් බලධාරීන් සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval