
මොරොන්තුඩුව පාසලක් තුළදී සිසුවෙකුට තියුණු ආයුධයකින් ඇණ තුවාල සිදුකළ සිසුන් දෙදෙනෙක් මොරන්තුඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
තුවාල ලද 11 වසරේ සිසුවා ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇත.
මීට දින කිහිපයකට ඉහතදී පාසල තුළදී තල්ලු කිරීමේ සිද්ධියක් මුල් කරගෙන 11 වසර සිසුවාට 12 හා13 වසරේ සිසුන් දෙදෙනා එක්ව සිසුවාට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඉකුත් දෙවැනි දින ඇති වූ මෙම සිද්ධියෙන් අනතුරුව සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස් වෙත ගිය ද ඔවුන් නිවෙස්වල නොසිටි බවත් ඊයේ (8දා) පොලීසියට පැමිණ භාර වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
පානදුර සුමිත් පොතුපිටිය බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval