
කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ගුරුවරියන් දෙදෙනකුට ඊයේ (11) උදෑසන පහර දුන් බව කියන අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට මාවතගම පොලිසිය පරීක්ෂණ පවත්වයි. පහර කෑමට ලක්වූ විදුහල්පතිවරයා සහ ගුරුවරියන් දෙදෙනා මාවතගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. විදුහල්පතිවරයා පහර දුන් බව කියමින් අත්අඩංගුවට ගැනීමට සොයන කාන්තාව ඊයේ (11) සවස කුරුණෑගල රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත්ව ඇතැයි පොලිසිය පවසයි. අඹුසැමි යුවළක් ඊයේ උදෑසන අදාළ විදුහලට පැමිණ එහි ගුරුවරියක් සමග කතාබස් කරමින් සිට ඇතැයි කියති.
ඒ බව දුටු විදුහල්පතිවරයා පාසලේ උගන්වන අවස්ථාවේ පැමිණ කතා නොකරන ලෙස අඹුසැමි යුවළට අවවාද කර අඹුසැමි යුවළ සමඟ කතාබස් කරමින් සිටියේ යැයි කියන ගුරුවරියට ද පන්තියට ගොස් උගන්වන ලෙස දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෙසේ අවවාද කිරීමෙන් පසු කෝපයට පත් වූ බව කියන කාන්තාව විදුහල්පතිගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුට දිගට හරහට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය. පහර දීම වැළැක්වීමට පැමිණි ගුරුවරියන් දෙදෙනාටද කාන්තාවගේ සැමියා යතුරුපැදි ආරක්ෂිත හිස් වැසුමකින් පහර දී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත. ඒ අවස්ථාවේ කාන්තාව පැළඳ සිටි රන් මාලය කැඩී බිම වැටී ඇති අතර විදුහල්පතිවරයා එම මාලය අහුලාගෙන මේ ගැන පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේ මාලයද පොලිසියට භාරදී තිබේ. එම කාන්තාවගේ සහෝදරියකගේ දරුවා එම පාසලේ ඉගෙනුම ලබන අතර එම දරුවාගේ මව විදෙස්ගතව සිටින බව කියති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval