
මාතර – බංගම, දෙදියගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙදියගල, මලිදුව ප්‍රදේශයේ පදිංචි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විවාහක කාන්තාවකි.
මෙම වෙඩි තැබීම පවුල් ආරවුලක් හේතුවෙන් තුවාලකාරියගේ සහෝදරියගේ සැමියා විසින් සිදුකර ඇති බවට අනාවරණය වි ඇත. මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු වෙඩි තැබීමට යොදාගත් මෙරට නිෂ්පාදිත ගිනි අවිය ද සමඟ අද 29 වන දින අළුයම් කාලයේදී අකුරැස්ස පොලිස් වසමේ ලේනම ප්‍රදේශයේදී අකුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 38ක් පමණ වන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
තුවාල ලැබු කාන්තාව ප්‍රතිකාර සදහා මාතර රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු 29 වන අද දින මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර බංගම පොලිස් පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval